Friday, December 25, 2015

රලු පරොලු බවක් මට දැනුන මුත් ඔබෙ හඬේ
ලතෙත් බව කිසිදාක නොපෙන් නුව හදේ
කුස්සියේ ගිණි මැළය දල්වන්න හැම උදේ
කල මෙහෙය මතකයෙන් කිසිදාක නොමබිඳේ

අතවට පිපි කරගැට වටකොට ගේ තැනුව
රටවට සිප් කිරි දී නිසි මඟ පෙළ තැනුව
කට වට කර කී හැම පිලිමල් බිම හෙලුව
සඳවට පිපි කුමුදු අපි නොවැදෝ ඔබ තැනුව


No comments:

Post a Comment