Friday, December 25, 2015

අයවැය අසන මධ්‍යම පාන්තිකයෙකුගෙ සිත
කට අයා බලා ඉඳිත් නොඉවසිල්ලෙන්
අනේ අපි ඔක්කොටම හොඳ කලක්
දැන් දැන් උදා වෙයි මහමෙරක උසට
ඉන්නට හැකි නොවෙද යහතින්.....
හෙට ඉඳන් පොඩි එවුන් යවන්නෑ බස් එකේ
කතා කරපල්ලා කාට හරි
හරි හමන් එකෙක් හට
අර ගන්න වාහනේ යන්න අපි උජාරුවට......
අම්මගෙත් වැඩිවේවි අතමාරු ලොකුවටම
කිරි කපන ගෑනිටත් දෙන ගාන
වැඩිපුරින් දෙන්නෝනෑ
අසරණම හොඳ එකී
වැඩි කලක් අපිට කඹුරපු ණයට......
රූප පෙට්ටියට වටවෙලා අයා කට හිටියාට
නෑ තාම වැඩි කලේ අපේ පඩි පතට නම්
වැඩි උනා නොවැ නේද කන බොන දෙයක් වේ නම්....
කන්දකට විලි ලලා දෙදරන්න මහ හඬින්
වැදූ මී යෙක් නොවෙද? මේ පර අය වැයත්
අහපල්ල අහපල්ලා මූ දෙසන වල් කෙබර
වහපල්ල ඔය මගුල රොටි කමුද අද රෑට
හෙට උදෙන්ම පලයල්ල යන එකෙක් බස් එකේ 
එන පාර බලා ගමු අපිටමයි එන හැම හෙනේ


No comments:

Post a Comment