Friday, December 25, 2015

බොහොම දුර අතීතෙක අපෙ කටු මැටි ගේ අද්දරම
පිපි කටරොලු මල් පඳුරෙ ලා පාට පොඩි කුසුම
මතකයක පිටු අතරෙ හමු උනා අහම්බෙන් 
හද කොනෙක මෑතකදි සොයන විට සමරුවක

නෑඹුල්ම පුසුඹකින් හදවතම දා ගි‍යැ සුවඳ
කටුක බව සිහින බිඳ යන මගද මග හැරින
විදගන්න නිසිකලෙක පින්මදව තිබු දිනෙක
ගිලිහිලා යනු දුටිමි යලිදු නොදකින ලෙසින


No comments:

Post a Comment