මම දන්නවා උඹට තැනක් නොතැනක් නෑ කියලා
කාල වේලාවකුත් මොන මොහොතෙද නොහිතන බව
උඹට හරි හමන් තැනක් නැති උනාට
දන්න අය ඉන්නෙ ටික දෙනයි
කිව්වට කවුරුවත් මොන වගේද කියල
කියන්න දන්නෑ හැඩ හුරුකම
කලු පාටයිලු....හරි සීතලයි ලු
මහාම මහ මූසල ලු උඹ
මුලු ලෝකයම මොනවා කීවත්
මම දන්නව උඹ සලකන විදිය
කොයි කාටත් එක විදියයි
පින් පව් දෙක අනුවයි
ඒක නේද උඹේ ගතිය
තේරුම් ගන්නෙ නෑ කවුරුවත් ඒක
මටත් ඇති වෙලා- දැන් එපා වෙලා
කල හැමදේම
කවුරු මොනව කිව්වත් කමක් නෑ
මම කැමතියි උඹ එක්ක ඉන්න
අද උනත් කමක් නෑ
වරෙන් ඉක්මනට මා එක්ක ගෙන යන්ට
සීතලම සීතලට උඹ එක්ක නිදියන්න
මට හරිම මහන්සියි දැන් මම තනියමම
ඉන්නෙ අපෙ මහ ගෙදර
ප්‍රිය මිතුර
--- මරණය---
No comments:
Post a Comment