උන්මාද ව තිබූ මා සිත
නොපෙලා සතපවා තුටු කල
නොපෙන්වා අහිතක් හද පිරින්
පෙම පිදූ චිත්‍රාව විනි හදින්
සිත් අහසෙ කලුපාට එකලු කල
හද අඳුර බිඳ දමා පොබය කල
මන්දස්මිතිය මුව කොනට ලන් කල
පුරන ලද කලා පිරි චාන්දනිය සේවිය
නාස් පුඩු පුරා පපුතුරේ ගලා ගිය
නොවිඳි සුසුමක උනුසුමද කැටි කල
කිසි දිනෙක හිමිකමක් නැති වුවද
දැ නේ තාමත් අසෝකා මල් සුවඳ
No comments:
Post a Comment